" සුරගනක් විලස..ඈ සැරසිලා.. එන තුරා හිදිමි මේ යාමේ.. සොදුරියේ නුබ කොහේ කොතනදෝ.. දකින තුරු ඉවසුම් නෑ-ටහික්කෙන්න කවුද යකෝ අපේ පේලියේ පුටු ටික අරන් ගිය පරයා.."
මේ පිටුව විතරයි පුතේ කියලා අපිට සම්පූර්ණ බහිශ්ශ්‍රාවී පද්දතියම උගන්නලා ලැබ් එකෙන් එලියට දැම්ම දොළහ එම් එකේ හතලිස් දෙනාම බයෝ මැඩම්ගෙ පරම්පරාවම මතක් කර කර පන්තියට ගාටද්දි මේ දවස්වල ට්‍රෙන්ඩිං සින්දුවක් සද්දෙට කිය කිය ආපු සෙනුකයා බෙරිහන් දුන්නේ මුලු පන්තියෙම අවදානෙ ඌට ගන්න ගමන්.. සෙනුකයා අපේ එකා.. අවදානෙමයි ඉල්ලන්නෙ..
" මොකද බං බෙරිහන් දෙන්නෙ.. අප්පද බොල කෝ මේ පෝලිමේ පුටු ටික.."
මමත් කට බලියගෙන පොත් ටික මේසේ උඩට දැම්මේ පෝමලින් ගද ගහන ලැබ් එක අස්සෙ පුප රත් කර කර හෙන චූ ලෝඩ් එකකුත් හිර කරගෙන එලියට බැහැලා ඇවිත් කන්න ගද්දි අපි හතරදෙනා හිටපු පෝලිමේ එක පුටුවක්වත් නෑ කියලා දැක්ක වෙලෙයි.
" මොනිටර............යෝහ්.. අපේ පුටු කොහෙද යකෝ.."
පංතියේ එකෙක්ගෙ හොටු ලේන්සුවේ ඉදන්ම වග කියන පංති මොනිටරයා තඩි නාමලේඛනෙත් උස්සන් කන්නඩි දෙක අස්සෙන් අපි උන්න අන්තිම පෝලිම දිහා බලද්දී මම පංතියෙන් එලියෙ දොරකොඩට ගිහින් හොට දාලා බැලුවේ කොරිඩෝවෙ වත් පුටු ටික තියේද බලන්න.. ඇති ලබ්බක් නෑ.
" උබලගෙ ලංකට් එකේ ඉදන් මගෙන් අහන්න එපා යකෝ.. පොඩ්ඩක් බලපන් පල්ලෙහා පොඩි උන් පොලක් දාලා.. ඒකට උස්සන් ගියාද දන්නෙ නෑ.."
අපේ පංතියේ මොනිටරයා එහෙම කියාගෙන ස්ටාෆ් රූම් එක පැත්තට යද්දි මමයි සෙනුකයායි මතීශයි හශානුයි පහලට ගියේ අපි හතරදෙනාගෙ පුටු ටික උස්සගෙන එන්න..
" ඔය පොඩි පක්කො ඉන්නව බං.. හිතාගෙන ඉන්නෙ උන් අලිපුපෙන් ඇවිත් කියලා.. හිටපන්කො අද තමයි ඕකුන් දැනගන්නෙ අපෙ හැටි..
සෙනුකයා පාරේ ගලකට පයින් ගහගෙන ගියපු පාර ගල ගිහින් ඉස්සරලා තිබ්බ පොකුණට 'ජබොහ්' ගාලා වැටුනේ පොකුනේ දැහැමින් සෙමෙන් වාසය කරන ඉබ්බට පපුවෙ අමාරුව හදවලා.. ඌ බයට ගලෙනුත් ලිස්සලා වතුරේ.. මේකා සතෙක්ටවත් නිදහසේ ඉන්න දෙන එකෙක් නෙමේ..
" සෙනුකයා කෑගහන්න එපා යකෝ.."
මතීශ ඇස් වලින් අඹ ගහ යට දාපු බෙන්ච් වල ඉදගෙන විසාල සාකඡ්ඡාවක් කරන අපේ ඉස්කෝලේ ප්‍රිෆෙක්ට් කවුන්සිල් එකේ ටොප් බෝර්ඩ් එක පෙන්නලා කියද්දි මාත් හොම්බ දාලා බැලුවේ අලුතින් පත් වුනු අය කවුද කියලා හොයාගන්න.
අපි හිටියේ දොළහා වසරේ තුන්වෙනි වාරේ.. බයෝ කරන උන් ඉන්නවානම් දන්නවා ඇති ඔය සාපකාරී පද්ධති පාඩම් ටික සෙට් වෙන්නේ ඔය කාලෙට තමා.. මුලදි සුන්දරයි කියලා අල්ලං ආවට මොකද ස්ත්‍රී ප්‍රජනක පද්දතිය පටන්ගත්තු තැනදිම ප්‍රජනනයත් එක්කම එපාවෙලාම ගියා.. මේ කාලෙ කියන්නෙ ඉතින් ඩිප්‍රෙශන් වල මූලික පියවර වගේ තමා.. හෙන ගේමක් ගහලා තමයි වැඩ ටික ගොඩ ගහගන්නෙ නැතුව ශේප් එකේ ඇදගෙන යන්නේ..
" හැපෝ මුන් ටිකද බං හෙඩාලා වෙලා තියෙන්නෙ.. නෙද්දකින්.. මුන් ටික එකතුවෙලා පොඩි උන්ට දැන් ඉස්කෝලෙම එපා කරවාවි.."
සෙනුකයා කට ඇද කරන් පෙන්නුවේ අයුක අයියව.. අපේ ඉස්කෝලේ ප්‍රිෆෙක්ට් බෝඩ් එකට ගන්නෙ ඒ ලෙවෙල් කරලා ඉවරවුනු අයියලව.. මොකද දහතුනෙන් හුගක් අය ඉස්කෝලෙ එන්න හොරයි ඉතින් ප්‍රිෆෙක්ට්ලා එන්නෙ නෑ.. එතකොට ඒක විනයට බලපානවා කියලා ඒ ලෙවෙල් ඉවරවුනු අයියලා රිසාල්ට්ස් එනකල් ඉස්කෝලෙ ප්‍රිෆෙක්ලා විදියට වැඩ කරනවා.. අනික ඔය ටොප් බෝඩ් එක කියන්නෙ හෙන ඔලුකාරයෝ ඉන්න එකක්.. ඉස්කෝලෙ ඉන්න බ්‍රයිට්ම ලමයි තමයි ඔය සෙට් එකට වැටේන්නෙ.. බ්‍රයිට් කිව්වෙ ඉගනගන්න ඒවා නෙමේ අනිත් කුසලතා පැත්තෙනුත් ඉස්කෝලෙට යමක් කරන්න ඕන ප්‍රිෆෙක්ට් කෙනෙක් වෙන්න නම්..
අයුක අයියා අපි දන්න විදියටනම් හෙන පොශ් ෆැමිලි එකක පොරක්.. වැඩි කතාබහක් නෑ හැබැයි ඩයල් එක පට්ට හැන්ඩ්සම්.. මම දැකලා තියෙනවා අපේ ඉන්ට්‍රැක්ට් ක්ලබ් එකේ වැඩ වලට එහෙම එනවා බ්ලෙසර් එක දාලා හෙන තදයා.. මම දවසක් කට ඇරගෙන බලාගෙන හිටියා උගුඩු පැටියා වගේ.
අයුක අයියා හෙඩා වෙද්දි ඩිපියුටි හෙඩා වෙලා හිටියේ කියාන් අයියා.. ඒ ඩයල් එකත් ඉස්කෝලෙ රගර් ටීම් එකේ කැප්ටන්.. දන්නවනෙ ඉතින් රගර් ගහන කොල්ලෙක්නම්.. ඇගපත නලුවා වගේ හදාගෙන ඉන්නෙ.. ඌට මල පයිනවා සෑහෙන්න.. මේවා ඉතින් ඉස්කොලෙ සෑහෙන්න ප්‍රසිද්ද රහස්.. කියාන් අයියගෙ එහාපැත්තෙ ෆයිල් එකක් බල බල හිටියේ රධ්‍ය අයියා.. මම එයා ගැන නම් ලොකුවට අහලා නෑ හැබැයි ඉස්කෝලෙ කැඩෙට් සාජන් කියලනම් සෑහෙන්න ප්‍රසිද්දයි.. අපි උදේට ඉස්කෝලෙ එද්දි පොඩි කාලෙ මම දැකලා තියෙනවා රධ්‍ය අයියා යටි ගිටියෙන් කෑගගහා මාච් පාස්ට් කරනවා.. ඒ කාලෙනම් පොර හෙන ගිනිපුකාරයා.. දැන් කියලත් වෙනසක් නැතුවැති ඉතින්.. රධ්‍ය අයියා ගාව තව දෙන්නෙක් හිටියා ඒ අයියලා එච්චර ඉතින් මම දන්නෙ නෑ.. මම කිව්ව උන් ටිකනම් ඉතින්.. සෙලිබ්‍රිටිලා වගේ තමා.. අල්ලපු වැටේ ඉන්න කෙල්ලොත් මුන්ට පැනි හලාගෙන ඉන්නෙ.
" ඒ පොඩිඑකා.. මෙහෙවරෙන්.."
මම කල්පනා ලෝකෙන් මිදුනේ හශාන් නවය වසරේ මල්ලිලා ටිකකට කතාකරන සද්දෙන්.. නවය කියන්නෙ ඉතින් සිගිති පාතාලේ තමා..
" කියන්න අයියෙ.."
ඇට්ටර පාට පොඩි එකෙක් ඇහුවේ කොලර් එකත් උඩට උස්සගෙන හෙන චන්ඩි පාට් එකෙන්.. මටනම් පේන්න බෑ ඔහොම උන්ව.. එහෙමයි කියලා රන්ඩුවට යන්න බෑනෙ.. මම කරබාගෙනම හිටියා..
" මල්ලි ඔය පුටු අපේ ක්ලාස් වල ඒවා.. ඔයාලා ඒවා අරගෙන ගියානම් ඇයි ගෙනැත්දෙන්න බැරි.."
මතීශ කොහොමත් ඇල්වතුරත් නිමලා බොන එකා නිසා මුලින් හිමින්සැරේ ඇහුවා..
" ආ ඒව අපි දන්නෑ අයියෙ.. අපිට බෑ ඕවා අදින්න.. ඒ වරෙන් බං යන්න.."
පොඩි පගයා පාට් එකක් දාලා මතීශයගෙ ඇගේ වැදීගෙන යන්න යද්දිනම් මට මාරයා ආවේස වුනා.. ඇයි යකො ඉන්ටවල් එකෙ කන්නත් නෑ මොන කරුමයක්ද.. ගෙනත්දෙන්න බැරි.. අලිපුපෙන් ඇවිත් නෑනෙ.
" ආ ආ මල්ලි මේහ් සද්දෙ අඩුකරගනින් කරුනාකල්ලා.."
මම අතත් මිට මොලවගෙන අහද්දි සෙනුකයා මාව අල්ලගත්තෙ ප්‍රිෆෙක්ට්ස්ලා ඉස්සරහා රන්ඩුවෙන්න ගියොත් කෙලවෙනවා කියලා දන්න නිසායි.. ඒ වුනාට මටනම් මේ ලබ්බෙ පාට් පේන්න බෑ.
" ඇයි අඩුකරගත්තෙ නැතිවුනොත් අයියා ගහන්නද.."
ඌ කට කොනෙන් හිනාවෙලා කියද්දී මම අල්ලගත්තෙ උගෙ කොලර් එකෙන්.. එහෙමම කොලර් එක පහලට නමලා ශර්ට් එකේ නොපෙනෙන දූවිලිත් ගසපු මම උගෙ උරහිසට අත් තියලා උගෙ මූනටම බරවුනා.
" පාඩුවෙ කියපු දේ කරපන්.. හරී.."
මම ඇහිබැමත් ලං කරගෙන උගෙ මූනට ලංවෙලා කියද්දී ඌ බයවෙලා වගේ බලන් හිටියේ මගේ දිහා.
" අයියේ අපි ගෙනැත්දෙන්නම්.. මෙතන රණ්ඩුවෙන්න ඕන්නෑනෙ.."
පොඩි එකාගෙ යාලුවෙක් කලබලෙන් පුටු ටික අරන් යන්න යද්දී මම බැලුවේ පිටිපස්ස.. බලද්දි කියාන් අයියා එනවා අපේ දිහා බලන් මේ පැත්තට.. කලබලයක් කියලා හිතුවද දන්නෑ.
" මොකද මෙතන කරන්නෙ.. පන්තිවලට යනවලා.. තමුසෙලා පීරියඩ් කට් කරනවද..??"
කියාන් අයියා අහද්දි සෙනුරයා ඔලුව වැනුවේ නෑ කියන්න පිස්සෙක් වගේ..
" තමුසෙලගෙ පංතිය මොකක්ද..??"
" ට්වෙල් එම් අයියේ.."
" අහ් බයෝ නේද.. මෙහෙ මොකද රවුම් ගහන්නෙ බං.. ක්ලාස් එකට පලයන්.."
කියාන් අයියා සෙනුකයගෙ පිටට ගහද්දි මම ශේප් එකේ එතනින් ලිස්සලා පන්තිය පැත්තට ආවා.